ඕස්ට්‍රේලියාව තුළින් ප්‍රථම වරට H5N1 කුරුළු උණ වයිරසය ආසාදනය වූ පක්ෂියෙකු හමුවී ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම සොයාගැනීමත් සමඟ ලොව සෑම මහද්වීපයකින්ම මේ වන විට මෙම වයිරසය වාර්තා වී තිබීම විශේෂත්වයකි.බටහිර ඕස්ට්‍රේලියාවේ, කේප් ලී ග්‍රෑන්ඩ් ජාතික උද්‍යානයට ආසන්න මුහුදු වෙරළකදී මෙම වයිරසය ආසාදනය වූ සංක්‍රමණික මුහුදු පක්ෂියා සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙය එරට සත්ත්ව පාලන සහ පරිසර ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.මෙම වයිරසය පක්ෂීන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවයි. ඒ හේතුවෙන් වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව බලධාරීන් මේ වන විටත් දැඩි අවධානය යොමු කරමින් සිටී.



























