කටුනායක ගුවන් මගීන්ට කාලගුණයෙන් බාධා: වේලාසනින් පැමිණෙන්නැයි උපදෙස්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම නයිකන්ද සහ කෝවින්න යන ප්‍රදේශ මේ වන විට ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින බැවින්, ගුවන්තොටුපොළ වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.​මේ හේතුවෙන් අපහසුතාවලින් වැළකීම සඳහා ගුවන් ගමන් බලාපොරොත්තුවෙන් පසුවන මගීන්ට ගුවන් යානය පිටත්වීමට අවම වශයෙන් පැය 4කටවත් පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස විශේෂ දැනුම්දීමක් කෙරේ. නියමිත වේලාවට ගුවන්තොටුපොළ වෙත ළඟාවීම තහවුරු කරගැනීම සඳහා සාමාන්‍ය මාර්ග වෙනුවට හැකිතාක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන ලෙස ගුවන්තොටුපොළ බලධාරීන් ඉල්ලා සිටියි.​මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන, ප්‍රවේශ මාර්ගවල පවතින අවහිරතා මඟහරවා ගනිමින් තම ගමන් මලු සහ ලියකියවිලි කල්වේලා ඇතිව සූදානම් කරගෙන ගමන් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,154

Leave A Reply

Your email address will not be published. Required fields are marked *