කටුනායක පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුවූ පොලිස් මෙහෙයුමක් අතරතුර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර බරපතළ පොරබැදීමක් සිදුව ඇති අතර, එහිදී සැකකරු විසින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරාගෙන වෙඩි තබා ඇත.​වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු එම ගිනි අවිය ද රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි. සැකකරු සොයා ගැනීමට සහ පැහැරගත් ගිනි අවිය යළි අත්පත් කර ගැනීමට කටුනායක පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,238

Leave A Reply

Your email address will not be published. Required fields are marked *