කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) නියෝග කර තිබේ. කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීම සහ නිසි පරිදි මිල හෝ අවශ්‍ය තොරතුරු සඳහන් කර නොමැති සුවඳ විලවුන් තොගයක් විකිණීමට තැබීම යන චෝදනා මත පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම නඩුව පවරා තිබිණි.පසුගිය අගෝස්තු මස 18 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදී මෙම නීතිවිරෝධී වෙළඳ කටයුතු අනාවරණය කර ගැනීමට හැකි විය. එහිදී අදාළ ආයතනය විසින් උපරිම සිල්ලර මිල නොමැතිව සුවඳ විලවුන් අලෙවි කිරීම සහ තොරතුරු රහිත කල් ඉකුත් වූ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සිදු කර ඇති බව තහවුරු විය.අධිකරණය හමුවේ අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කරන ලදී. මේ ආකාරයේ පාරිභෝගික අක්‍රමිකතා පිළිබඳ තොරතුරු වෙතොත් 1977 කෙටි ඇමතුම් අංකය හරහා වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.



























