ශ්‍රී ලාංකිකයකුට හිමි පළමු දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට

​ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශීය ව්‍යාපාරිකයකුට හිමි ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගිය දා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට මංගල ගුවන් ගමන ආරම්භ කරමින් මෙරටට පැමිණි මෙම ගස්ට්‍රීම් වර්ගයේ අතිසුඛෝපභෝගී යානය, ලොව ප්‍රමුඛ පෙළේ ධනපතියන් සහ ව්‍යාපාරිකයන් භාවිත කරන මට්ටමේ පවතින එකකි.​මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක ඉහළ උසකින් පැය 14කට ආසන්න කාලයක් අඛණ්ඩව ගමන් කළ හැකි මෙම ජෙට් යානය තුළ මගීන් 17 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. තවද, අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක්, නිදන මැදිරියක්, භෝජනාගාරයක් සහ විශේෂ විවේක කලාප ඇතුළු නවීන පහසුකම් රැසකින් ද එය සමන්විත වේ.​ඕස්ට්‍රේලියාව පදනම් කරගත් රොෂානා කෙයාර් සෞඛ්‍ය සේවා ජාලයේ හිමිකරු වන ආචාරය රොෂ් ජලන්ගේ මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා ගමගේ මහත්මිය මෙම යානයෙන් දිවයිනට පැමිණියහ. මෙරටට නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ආකර්ෂණය කරගැනීම මෙම විශේෂ ගමනේ ප්‍රධාන අරමුණ බව ඔහු පවසා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *