අනිද්දා (08) කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි.කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.ඒ අනුව, ඔක්තෝබර් 08 වැනි දින පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ. සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව ද පළ කර සිටී.


























