ක්‍රිකට් නීති සිංහල සහ දෙමළ භාෂාවලින් ප්‍රකාශයට පත් කෙරේ

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට, විනිසුරුවන්ට සහ තරග නිලධාරීන්ට ක්‍රීඩාවේ නීති තම මව් භාෂාවෙන්ම හැදෑරීමට අවස්ථාව සලසමින්, මේරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) එක්ව MCC ක්‍රිකට් නීති සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉල්ලීමකට අනුව, ක්‍රිකට් නීතිවල භාරකරු වන MCC ආයතනයේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.​පළාත් නවය පුරා විසිරී සිටින විනිසුරුවන්ට භාෂා දෙකෙන්ම පුහුණුව ලබා දීමට සහ විභාග පැවැත්වීමට SLC විනිසුරු අධ්‍යාපනඥයින් මෙම නව පරිවර්තන යොදා ගැනීමට නියමිතය. ඒ හරහා දිවයින පුරා සිටින කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම විනිසුරු ක්ෂේත්‍රයට පිවිසීම සඳහා වැඩි අවස්ථාවක් උදා වනු ඇත.​මෙම පරිවර්තන කටයුතු අවසන් වීම නිල වශයෙන් නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (23) පැවැත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි, MCC ක්‍රිකට් ප්‍රධානී ෆ්‍රේසර් ස්ටුවර්ට් සහ SLC විනිසුරු අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලින්ඩන් හැනිබල් යන මහත්වරුන් මීට එක්ව සිටි අතර, අනතුරුව මෑතකදී සංශෝධනය වූ ක්‍රිකට් නීති පිළිබඳව දේශීය විනිසුරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් ද පැවැත්විණි.

What's your reaction?

Related Posts

1 of 1,452

Leave A Reply

Your email address will not be published. Required fields are marked *