කැලණිය විශ්වවිද්‍යාලයේ ජයතිලක කාන්තා නේවාසිකාගාරයේ තෙවන මහලේ පිහිටි කාමරයක හදිසි ගින්නක් හටගෙන තිබේ. කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ බලධාරීන් ඇතුළු කණ්ඩායම් විසින් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇත.මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අදාළ කාමරයට පමණක් හානි සිදුව ඇති අතර, සිසුන් කිසිවෙකුටත් හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති බව තහවුරු වේ. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



























