කිරි තේ සහ ප්ලේන් ටී මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළ යෑමට සාපේක්ෂව කිරි තේ සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. මෙම නව මිල සංශෝධනය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පිහිටි සියලුම ආපනශාලා තුළ ක්‍රියාත්මක වන බව එම සංගමය නිවේදනය කළේය.​කෙසේ වෙතත්, පාරිභෝගිකයන්ට සැලකිය යුතු සහනයක් මෙලෙස ලබා දුන්නද, දැනට අලෙවි කෙරෙන කිසිදු කෙටි ආහාරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *