රටකජු වගාවට නිසි මිලක් නැතැයි ගොවීන්ගෙන් චෝදනා

තඹුත්තේගම මහවැලි එච් කලාපයේ ප්‍රදේශවාසී රටකජු ගොවීන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින්නේ තම අස්වැන්න අලෙවි කර ගැනීමට නිසි වෙළඳපළක් හෝ සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙනි. වගා කටයුතු ආරම්භයේදී බීජ කිලෝවක් රුපියල් 800ත් 850ත් අතර ඉහළ මුදලකට මිලදී ගැනීමට සිදුවූ බව ඔවුහු පෙන්වා දෙති.​එහෙත් දැඩි පරිශ්‍රමයකින් පසු නෙළාගනු ලබන අස්වැන්නෙන් කිලෝවක් සඳහා වෙළඳපොළේදී හිමිවන්නේ රුපියල් 300ත් 350ත් අතර ඉතා අවම මිලකි. නිෂ්පාදන විය පිරිවැයවත් ආවරණය කරගත නොහැකි මෙම තත්ත්වය හමුවේ තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පවසන ගොවීන්, ඊට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *