කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු අද (11) පෙරවරු 11.30ට විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ජලාශයෙන් කොත්මලා ඔයට තත්පරයට ඝන මීටර් 150ක ජල ප්‍රමාණයක් මුදාහැරීමට කටයුතු කරන බව පාලන ඉංජිනේරුවරයා සඳහන් කළේය.​අද පෙරවරු 10.15 වන විට ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 701.3ක් ලෙස සටහන් වූ අතර, එය වාන් මට්ටමට වඩා මීටර් 1.7ක් පහළින් පැවතිණි. කෙසේ වෙතත්, ඉදිරියටත් පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවට ලැබී ඇති කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින් පෙරසූදානමක් ලෙස ජල මට්ටම පහත හෙළීමට මෙම තීරණය ගෙන ඇත.​මේ හේතුවෙන් කොත්මලේ වේල්ලට පහළින් පිහිටි කොත්මලා ඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,417

Leave A Reply

Your email address will not be published. Required fields are marked *