කොල්ලුපිටිය, ඇල්ෆ්රඩ් හවුස් ඇවනිව් ප්රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කරයි.ඊයේ (21) රාත්රියේ ත්රිරෝද රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම මළසිරුර එම ස්ථානයේ දමා ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.



























