මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ. මේ හේතුවෙන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව කල්තියා දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.කෙසේ වෙතත්, එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරයෙන් වේලාවන් වෙන්කර ගැනීමේ මාර්ගගත පද්ධතියට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය තහවුරු කරයි. ඒ අනුව, සේවාලාභීන්ට appointment.dmt.gov.lk වෙබ් අඩවිය හරහා සුපුරුදු පරිදි තම වේලාවන් වෙන්කර ගැනීමේ හැකියාව පවතී.



























