ගම්පහ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්වෙයි

ගම්පහ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලැබ තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ නිල පත්වීම් ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වේ.​ඒ අනුව, එළඹෙන සඳුදා (09) දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස සිය නව ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත

What's your reaction?

Related Posts

1 of 1,410

Leave A Reply

Your email address will not be published. Required fields are marked *