ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් නියමුවන් රහිත ගුවන්යානා (ඩ්‍රෝන) පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 4,261 ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කෙරිණි.වෙනස් වන මෙහෙයුම් පරිසරය සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිතර ඇතිවන අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් මතුවන තර්ජනවලට මුහුණ දීම සඳහා මෙම පද්ධතිය මිලදී ගැනීමට මුදල් වෙන්කර ඇත.මීට අමතරව, පෙර සැලසුම් කළ පරිදි භාර (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදයද අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වේ.


























