අතීතයේදී තමන් ගමට සංවර්ධනය රැගෙන යද්දී ඊට නිග්‍රහ කළ පිරිස් අද වනවිට බලයේ සිටිමින් ග්‍රාමීය සංවර්ධනයේ වටිනාකම වටහාගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය සහ හක්මන ආසන කේන්ද්‍ර කරගනිමින් පැවැති පළාත් පාලන කොට්ඨාස ජන හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ඉහළ යන ජීවන බර හමුවේ ජනතාව බලාපොරොත්තු වන්නේ තාවකාලික සුළු සහන නොව, ජීවත්වීමට සරිලන ස්ථිරසාර වැඩපිළිවෙළක් බවයි. පවතින සමාජ හා ආර්ථික අර්බුද හමුවේ ආගමික හා සංස්කෘතික කරුණු කරළියට ගෙන එමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවත්, ඊට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම රටේ සැමට නීතිය සමානව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට නිසි සැලැස්මක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළේය.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් සංවිධානය කර තිබූ මෙම දේශපාලන හමුව සඳහා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු හිටපු මැතිඇමතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ.

























