ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා පාසල් සිසුන් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් 13ක් දිනා ගැනීමට සමත්විය. ඔක්තෝබර් 2 සිට 6 දක්වා පැවති මෙම තරගාවලියට රටවල් 23ක නියෝජිතයන් සහභාගී වී තිබිණි.මෙහිදී ගණිත අංශයෙන් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ද, විද්‍යා අංශයෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් ද ශ්‍රී ලංකාව දිනා ගත්තේය. ජාතික මට්ටමින් තෝරාගත් දක්ෂ සිසුන් පිරිසකට ලබාදුන් පුහුණුවෙන් පසු මෙම ජයග්‍රහණය ලබා ඇති අතර, ඔවුන් ඊයේ (07) කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණියහ.

























