ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්රික් ගොවි රැල අද (12) පස්වරු 4.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දීපා උයන පරිශ්රයේදී පැවැත්වීමට නියමිතය. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ තේමාව යටතේ දිවයින පුරා සංවිධානය කෙරෙන ජනතා රැළි මාලාවේ එක් අදියරක් ලෙස මෙම ගොවි රැල පැවැත්වේ.



























