ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළව, එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය දෙසැම්බර් මස 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය. මෙම නඩුවේ සෙසු විත්තිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීළඟ නඩු දිනයේදී බන්ධනාගාරගතව සිටී නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරිණි.​පසුගිය නඩු වාරයේදී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණද, එම ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලමින් පසුගිය 18 වැනිදා කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ අනුව නඩුව යළි දෙසැම්බර් මස 01 වැනිදා කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,431

Leave A Reply

Your email address will not be published. Required fields are marked *