ඥානසාර හිමියන්ගේ සිවුරු ඉවත් නොකරන ලෙස කෝට්ටේ සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගෙන් ඉල්ලයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ භික්ෂු සිවුර ඉවත් නොකරන ලෙස කෝට්ටේ සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ. විනය පිටකයට අනුව සිවුරු හැරීමට තරම් වන කිසිදු බරපතළ වරදක් උන්වහන්සේ සිදු කර ඇති බවට තොරතුරු නොමැති බව එම සංඝ සභාව පෙන්වා දෙයි. බෞද්ධ ශාසනික සම්ප්‍රදායන්ට අනුව භික්ෂුවකගේ පැවිදි දිවිය අහෝසි කිරීම ඇතුළු විනයානුකූල පරීක්ෂණ පැවැත්වීමේ වගකීම පවතින්නේ කෝට්ටේ සංඝ සභාව සතුව බව එම ලිපියේ සඳහන් වේ. ඒ අනුව, ඥානසාර හිමියන්ට සිවුර දැරීමට අවසර දෙන ලෙසත්, අදාළ බලධාරීන් හමුවට පෙනී සිටීමේදී සිවුරු පැළඳ පෙනී සිටීමට ඉඩ සලසන ලෙසත් කෝට්ටේ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *