ඩෙංගු රෝගීන් 79,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 79,016ක් වාර්තා වී ඇති අතර, ඉන් මරණ 57ක්ද සිදුව තිබේ. ජූනි සහ ජූලි මාසවලදී ඩෙංගු ආසාදිතයන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අතර, ජූනි මාසයේදී රෝගීන් 21,534ක් සහ ජූලි මාසයේදී රෝගීන් 23,641ක් වාර්තා වී ඇත. මේ වන විට අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,391කි.​බස්නාහිර පළාතෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 41,753කි; එය සමස්ත රෝගීන්ගෙන් 52.84% කි. ඊට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 12,041ක් (15.24%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,699ක් (8.48%) වාර්තා වී ඇති අතර, මධ්‍යම පළාතේ ද ආසාදිතයන්ගේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබේ. දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ (16,676), කොළඹ (15,748), මාතර (5,495), මහනුවර (5,318), කළුතර (5,190), රත්නපුර (4,444) සහ ගාල්ල (4,391) යන ප්‍රදේශවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.​පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන වැඩි වීම මෙම හදිසි ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එබැවින්, පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, උණ ලක්ෂණ මතු වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමටත් මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,249

Leave A Reply

Your email address will not be published. Required fields are marked *