ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර ඉහළ යාමක් සිදුවුවහොත්, වත්මන් රෝහල් පද්ධතියට එම රෝගී පීඩනය දරාගැනීම අසීරු වනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. බේරුවලදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන මෙන්ම ජනතාවගේද වගකීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම තම නිවාස සහ අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගනිමින් මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට ඇති ප්‍රධානම විසඳුම බව අමාත්‍යවරයා සඳහන් කළේය.රෝගීන් සංඛ්‍යාව අධික ලෙස ඉහළ ගියහොත් සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, උනන්දුවෙන් සහ සහයෝගයෙන් කටයුතු කළහොත් තවමත් මෙම වසංගත තත්ත්වය පහසුවෙන් පාලනය කරගත හැකි මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



























