කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ මුදල් හුවමාරු ආයතනයක් හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක දැවැන්ත මුදලක් විදේශ රටවල් වෙත අවභාවිත කර යැවීමේ සිද්ධියකට සම්බන්ධ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.අදාළ සැකකාර බැංකු කළමනාකරුවන් සිව්දෙනා ලබන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර ඇත.



























