බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 842 ක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. යායවත්ත සහ පලපොත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.පසුව මෙම සැකකරු අදාළ මත්ද්‍රව්‍ය තොගය සමඟ වැඩිදුර විමර්ශන සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.මෙම වැටලීමට අදාළ නිවසේ හිමිකරු නීතිඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලිසිය වෙත ඉදිරිපත් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.



























