තනි පක්ෂ පාලනයකට ඉඩ නොදෙන බව විපක්ෂ නායක කියයි

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. වත්මන් රජය තමන්ට හිමිව ඇති බහුතර බලය අවභාවිත කරමින් පාර්ලිමේන්තු කමිටු සහ තේරීම් කාරක සභා තමන්ට රිසි පරිදි හසුරුවන බවට ඔහු චෝදනා කරයි.​රජයකට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබීමෙන් පාලකයන් තුළ ‘බල උන්මාදයක්’ ඇති වන බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, රටක් පාලනය කිරීමට සාමාන්‍ය සුළු බහුතරයක් ප්‍රමාණවත් බව සඳහන් කරයි. වත්මන් රජය ද එවැනි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පවසන ඔහු, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි පිරිසක් දැන් එම වටිනාකම් යටපත් කරමින් ඒකාධිපති පාලනයක් කරා රට ගෙනයමින් සිටින බවට අනතුරු අඟවයි.​එබැවින්, රට තනි පක්ෂ පාලනයක් දක්වා ගමන් කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව ඔහු අවධාරණය කළේය. ඉදිරි මැතිවරණවලදී මෙවැනි අසීමිත බලතල ලබා නොදීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමේ වගකීම ජනතාව සතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,200

Leave A Reply

Your email address will not be published. Required fields are marked *