2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර තරග පාවා දීමේ අරමුණින් ක්‍රීඩකයින්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායමේ සම හිමිකරු මංජොට් කල්රා සහ ඉන්දීය ජාතික යුවරාජ් පුෂ්පා යන දෙදෙනා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (17) නියෝග කළේය.ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූයේ, සැකකරුවන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ වෙත මෙම තරග පාවා දීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ ක්‍රීඩකයින් තිදෙනා එම යෝජනාව වහාම ප්‍රතික්ෂේප කර ඒ පිළිබඳව වගකිවයුතු බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.පසුගිය 15 වන දින සිදු වූ මෙම සිද්ධියේදී රුපියල් ලක්ෂ 120ක අල්ලස් මුදලක් පිරිනැමීමට සැකකරුවන් උත්සාහ දරා ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 95ක මුදලක් සහ අදාළ සාකච්ඡා ඇතුළත් හඬ පටිගත කිරීමේ උපකරණයක් ද සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබිණි.























