දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක වන විජේ, සිය දේශපාලන ගමන් මඟෙහි තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹෙමින් අද තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත. ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් මහතා ඉදිරියේ පැවැත්වෙන මෙම දිවුරුම් දීමේ උත්සවයට සමගාමීව, විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. (TVK) පක්ෂයේ නියෝජිත පිරිසක් ද අද දිනයේ ආණ්ඩුකාරවරයා හමුවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.පසුගියදා නිමාවට පත් වූ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් ටී.වී.කේ. පක්ෂය ආසන 108ක් හිමි කර ගැනීමට සමත් විය. නව රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන ආසන 118ක බහුතරය සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් මේ වන විටත් ඔවුන් ජයග්‍රහණය කළ අනෙකුත් පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර, ඒ සඳහා ඉන්දීය කොංග්රස් පක්ෂය දැනටමත් සිය සහය පළ කර තිබේ.මෙම මැතිවරණ ප්‍රතිඵලය දශක පහක් තිස්සේ තමිල්නාඩු දේශපාලනය හසුරුවන ලද ප්‍රබල පක්ෂවල දැවැන්ත පසුබෑමක් සනිටුහන් කළ එකක් විය. හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතාගේ නායකත්වයෙන් යුත් ඩී.එම්.කේ. පක්ෂයට මෙවර හිමි කරගත හැකි වූයේ ආසන 59ක් පමණක් වන අතර, එම පක්ෂය ලැබූ මෙම පරාජය ඉන්දීය දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතව තරග වැදුණු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයට ද මෙවර මැතිවරණයේදී හිමි වූයේ ආසන 47ක් වැනි අඩු මට්ටමකි. සාම්ප්‍රදායික දේශපාලන බලකණු අභිබවා නවක පක්ෂයක් ලෙස ඉදිරියට පැමිණි විජේගේ කණ්ඩායම ජනතාව අතර කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට සමත්ව තිබේ.සිනමා තිරයෙන් දේශපාලන කරළියට පිවිසි විජේ, අද දින සිය නිල රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ඉන්දීය දේශපාලනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි. සිය පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහු විසින් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ දේශපාලන ස්ථාවරත්වය උදෙසා ගනු ලබන පියවර දෙස බොහෝ දෙනා දැඩි උනන්දුවකින් බලා සිටිති.

























