​දැදුරු ඔයේ වාන් දොරටු 8ම විවෘත කෙරේ

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (25) රාත්‍රිය වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි දෙක බැගින් විවෘත කර තිබුණි.​මේ හරහා මේ වන විට තත්ත්පරයට ඝන අඩි 11,200ක ජල ධාරිතාවක් දැදුරු ඔය වෙත මුදා හරිමින් පවතී.​එබැවින් ජලාශයෙන් පහළ දැදුරු ඔය දෙපස පදිංචි ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *