දිවයින පුරා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478 දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, දිවයින පුරා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478 දක්වා වර්ධනය වී තිබේ. මෙම වසංගත තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ඒකකය තහවුරු කරයි.​පසුගිය 17 වැනි දින පමණක් අලුතින් රෝගීන් 1,023 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිරන්තර අවධානය යොමු කරමින් පවතී. ජනතාව තම පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,241

Leave A Reply

Your email address will not be published. Required fields are marked *