වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.වාන් දමන ප්‍රධාන ජලාශ 23 අතරින් මානන්කට්ටිය, රාජාංගනය, යාන් ඔය, සොරබොර වැව, බදගිරිය, ලුණුගම්වෙහෙර සහ දැදුරු ඔය ඇතුළු ජලාශ 11ක වාන් දොරටු මේ වන විටත් විවෘත කර තිබේ.මීට අමතරව වාන් දමමින් පවතින මධ්‍යම පරිමාණයේ ජලාශ 15 අතරින් ජලාශ දෙකක පමණක් වාන් දොරටු විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.



























