දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළු ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා අද දිනයේ වාර කිහිපයකදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, සබරගමුව හා උතුරු-මැද පළාත්වලත් සුළගේ වේගය ඉහළ යා හැකියි. එමෙන්ම පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් යුත් තද සුළං බලාපොරොත්තු විය හැක.​ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,229

Leave A Reply

Your email address will not be published. Required fields are marked *