දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කළ හැකි අතර, ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතින බව සඳහන් වේ.​මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු වලින් ආරක්ෂාවන ලෙස බලධාරීන් ජනතාවට අවවාද කරයි.​මේ අතර, සූර්යයා දකුණට ගමන් කිරීමේ වාර්ෂික සංසිද්ධියත් සමඟ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා හිරු ශ්‍රී ලංකාවට උඩින් පිහිටයි. අද දහවල් 12:11 ට මන්නාරම, පෙරියමඩු, පුලියන්කුලම, වැලිඔය සහ පුල්මුඩේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *