නේපාලයේ හදිසි ව්‍යසනයෙන් මරණ 600 ඉක්මවයි

නේපාලය පුරා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 675 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය පවසයි. දරුණු වර්ෂාව හා ජල ගැලීම් සමඟ පැන නැගුණු මෙම හදිසි උවදුර නිසා තවත් පුද්ගලයින් 2,400 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.​ගෝලීය උණුසුම ඉහළ යාම මෙම දරුණු ආපදාවට මුලික හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා හිමාල කලාපයේ ග්ලැසියර, අයිස් තට්ටු සහ හිම දියවීම සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව විද්‍යාඥයින් අනාවරණය කර ඇත.​මෙම තත්ත්වය හමුවේ ග්ලැසියර විල් වේගයෙන් ජලයෙන් පිරී යෑමෙන් හදිසි ගංවතුර උවදුරු ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇත. එමෙන්ම උෂ්ණත්වය ඉහළ යාම නිසා කඳුකරයේ ඇතැම් උස් ප්‍රදේශවලට හිම වෙනුවට වර්ෂාව පතිත වීම කඳුකර කලාප අස්ථායී වීමට බලපා ඇති බව විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 929

Leave A Reply

Your email address will not be published. Required fields are marked *