දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ පළාත් කිහිපයකට අද (07) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ද පස්වරු 1.00න් පසු මෙම වැසි තත්ත්වය අපේක්ෂා කෙරේ.​මෙහිදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග මතුවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් දැකගත හැකි වනු ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *