දිවයින පුරා පවතින කාලගුණ තත්ත්වය අනුව අද පස්වරු 1.00 න් පසුව ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතී. මීට අමතරව සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.



























