දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි සහ තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇද හැලෙනු ඇත. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද වැසි වාර කිහිපයක් වාර්තා විය හැක.​මීට අමතරව, ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ කඩ පවතී. වැසි තත්ත්වයත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් කලාපය, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත් හරහා පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ද ඇතිවිය හැකි බව අදාළ නිවේදනයේ සඳහන් වේ.​කාලගුණික විපර්යාස හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව හමායන ප්‍රචණ්ඩ සුළං සහ දරුණු අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතී. එබැවින්, එමඟින් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,151

Leave A Reply

Your email address will not be published. Required fields are marked *