අද දිනයේ දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි බලාපොරොත්තු විය හැකියි. මීට අමතරව ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථානීය වශයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.වැසි තත්ත්වයට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ද ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, දකුණ, වයඹ, උතුර සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහිත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක තරමක තද සුළං ඇතිවිය හැකියි.ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතිනවා. එම නිසා, එමඟින් සිදුවන අනතුරු හා හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.



























