දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (31) පස්වරු 04.30 සිට හෙට (01) පස්වරු 04.30 දක්වා ඉදිරි පැය 24 ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අනුව මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු කලාපවලත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 65 දක්වා ඉහළ යා හැකිය. පවතින මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු සීමාවන් ඉතා රළු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි.නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමඟ ඇතිව තිබෙන මෙම රළු මුහුදු ස්වභාවය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයකින් සහ විමසිලිමත්ව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.



























