කාලගුණ විද්‍යා වාර්තා පෙන්වා දෙන්නේ අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි.විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බවට කාලගුණ අංශ පුරෝකථනය කරයි. එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් ජනතාවට දැඩි සැලකිලිමත් වන ලෙස ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇත.



























