දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මෙම වර්ෂාපතනය අපේක්ෂා කෙරේ.​කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පතිත විය හැකි බවට නිවේදනය කර ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් පැවතිය හැකිය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *