පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 10ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම දැනුම්දීම සිදු කර ඇත.රතු නිවේදන නිකුත් කර ඇති කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර ඇතුළු ප්‍රදේශවල අවදානම් සහගත ස්ථානවල වෙසෙන ජනතාව වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් වන ලෙස දන්වා ඇත.



























