දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පසුගිය පැය 24 තුළ ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 7ක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.​වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට දෙවන මට්ටමේ (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊට අමතරව බදුල්ල, කොළඹ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ (Yellow) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.​පොළොවේ ඉරිතැලීම්, පස් කණ්ඩි කඩාවැටීම්, ගස් ඇලවීම් හෝ මඩ සහිත ජල උල්පත් පහළවීම වැනි නායයෑම් පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වැඩිදුර තොරතුරු සඳහා 117 හදිසි අංකය අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,418

Leave A Reply

Your email address will not be published. Required fields are marked *