දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහළට – ජල හිඟයක් සහ මානසික සෞඛ්‍යයටත් තර්ජනයක්

දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර ඉහළ අගයක් ගනු ඇතැයි පූර්වානුමාන කෙරේ. මෙලෙස පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෛනික ජන ජීවිතයට මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බාධා එල්ල වී ඇත.​පවතින ජල හිඟයට පිළියම් ලෙස මඩකලපුව, මොණරාගල, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පිපාසිත ප්‍රදේශ සඳහා බවුසර් රථ යොදාගනිමින් පානීය ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.​මේ අතර අධික උණුසුම සහිත කාලගුණය හමුවේ ජනතාවගේ මානසික සෞඛ්‍යයට ද බලපෑම් එල්ල විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. විශේෂයෙන්ම විශාදය වැනි මානසික රෝගී තත්ත්වයන් මෙවැනි පරිසර තත්ත්වයන් යටතේ උත්සන්න වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,284

Leave A Reply

Your email address will not be published. Required fields are marked *