පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.ඒ අනුව, 1 වන මට්ටමේ (විමසිලිමත් වන්න) අනතුරු ඇඟවීම් බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, මොනරාගල, රත්නපුර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්රික්කවල නායයාම් අවදානම් සහිත ප්රදේශ සඳහා නිකුත් කර ඇත.ඊට අමතරව, වඩාත් අවදානම් සහිත මට්ටම 2 (සූදානම් වන්න) යටතේ කළුතර (හොරණ, මතුගම), රත්නපුර (ඇලපාත, කුරුවිට, රත්නපුර), මහනුවර (උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ), කෑගල්ල (මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක) සහ නුවරඑළිය (අඹගමුව, නෝර්වුඩ්) යන ප්රදේශ නම් කර තිබේ.



























