දෙවුන්දර කාවඩි පෙරහරට දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ශ්‍රී උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරේ කාවඩි නර්තන පෙරහර අද (28) රාත්‍රියේ පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා පසුගිය වසරේ සහභාගී වූ සියලුම කාවඩි කණ්ඩායම්වලට අවසර ලබා දී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.​පෙරහරේ කාවඩි කණ්ඩායම් සංඛ්‍යාව අඩු කරන ලෙස දන්වමින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපාන් ඉම්රාන් විසින් දේවාලයේ බස්නායක නිළමේ තිලිණ මධුසංක වෙත තර්ජනය කර ඇති බව කියන සිද්ධියක් හේතුවෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් නිර්මාණය විය. ඒ මත පදනම් වූ බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් පෙරහර තාවකාලිකව නවතා දමන ලෙස පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර තිබිණි.​කෙසේ වෙතත්, බස්නායක නිලමේවරයා මීට පෙර කැමැත්ත පළ කර තිබූ පසුබිමක, මහජනතාවගේ සහ කණ්ඩායම්වල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කිරීම සඳහා මෙවර පෙරහර වෙනුවෙන් අතිරික්ත ආරක්ෂක බලඇණියක් යෙදවීමට අදාළ සාකච්ඡාවේදී තීරණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *