දෙහිවල බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රීරෝදය පාදුක්කේදී සොයාගනී

දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වූ සිද්ධියට යොදාගත් යැයි සැක කෙරෙන ත්‍රීරෝද රථයක් පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේදී අත්හැර දමා තිබියදී සොයාගෙන තිබෙනවා.අද (11) අලුයම 3.00 ට පමණ දෙහිවල සිරිසංගබෝ මාවතේ පිහිටි නිවසකට නාඳුන පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත. සැකකරු ත්‍රීරෝද රථයකින් පැමිණෙන ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබෙන බව පොලීසිය පැවසීය.පොලීසියට අනුව සැකකරු නිවසේ ඉදිරිපස දොරට තට්ටු කර, නිවැසියන් දොර විවෘත කිරීමෙන් අනතුරුව අත්බෝම්බය නිවස තුළට විසි කර පලා ගොස් ඇත. ප්‍රහාරයෙන් නිවසේ නිදා සිටි 11 සහ 17 වයස්වල පසුවූ දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම 55 හැවිරිදි පියාගේ කකුලටද තුවාල සිදුව තිබේ. කෙසේ වෙතත් තුවාල ලැබූ පියාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය සඳහන් කළේය.සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කරන ලදී. ප්‍රහාරයේ අරමුණ මෙතෙක් තහවුරු වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 1,326

Leave A Reply

Your email address will not be published. Required fields are marked *