නාමල් රාජපක්ෂ ලබන 23 වැනි දා දක්වා රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ නීතිපති උපදෙස් මත අදාළ චෝදනා ඉක්මනින් ගොනු කරන බවයි.​මෙහිදී සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ඇප ලබා දීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 23 වැනි දින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. එයාර්බස් සමාගමේ නිලධාරීන් ද මීට පෙර අවස්ථා කිහිපයකදී දිවයිනට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී ඇති බව විමර්ශන අංශ පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *