කොළඹ ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට ලබාදීමේදී රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.ඔහුගේ මව්පියන් දැඩි ලෙස අසනීපයෙන් පසුවීම සුවිශේෂී කරුණක් සේ සලකා ඇප ලබාදෙන ලෙස විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ඉල්ලා සිටි අතර, ඊට අල්ලස් කොමිසම වෙතින් විරෝධතා එල්ල විය. කෙසේ වෙතත් දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අද (03) මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.



























