එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලැබී තිබේ. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඔහුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.කෙසේ වෙතත්, මෙම නියෝගය යටතේ ඔහුට විදේශ ගමන් තහනමක් පනවා ඇති අතර, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස දැඩි ඇප කොන්දේසි ද පනවා ඇත. මෙම ඇප නියෝගය අදාළ වන්නේ එයාර්බස් ගනුදෙනුවට සම්බන්ධ එක් නඩුවකට පමණක් වීම විශේෂත්වයකි.මේ හේතුවෙන් අනෙකුත් නඩු කිහිපයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. ඒ අනුව එයාර්බස් ගනුදෙනුවටම අදාළ තවත් නඩුවක් සඳහා ඔක්තෝබර් 13 දක්වාත්, ක්‍රිෂ් ගනුදෙනු නඩුව සඳහා ඔක්තෝබර් 6 දක්වාත් ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිතය.



























