අද (25) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග කලාපයේ වැසි සහිත කාලගුණය තාවකාලිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වේ. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්, උතුර, උතුරු-මැද, වයඹ, දකුණ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් තද සුළං හැමීමේ හැකියාවක් පවතී.දිවයිනේ සෙසු ප්‍රදේශවලට බලපාන පරිදි, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. ප්‍රදේශ කිහිපයකටම වැසි සහ සුළං තත්ත්වයන් මාරුවෙන් මාරුවට ඇති විය හැකි බැවින් ඉදිරි දිනවලදී කාලගුණික විපර්යාස කෙරෙහි අවධානයෙන් පසුවීම වැදගත් වේ.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව හමායන තද සුළං සහ අකුණු අනතුරු බහුල විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.



























